සංචාරක කර්මාන්තයේ සිඝ්‍ර වර්ධනයක්


(විමුක්ති එස් රුද්‍රිගු)

සංචාරක කර්මාන්තයෙන් ශ්‍රී ලංකාව මෙම වසරේ පළමු මාස 6දී ඇමෙරිකානු ඩොලර් බිලියන 1.71 ක මුදලක් උපයා ඇති බවත් එය පෙර වසරට සාපේක්ෂව සියයට 10 වර්ධනයක් බවත් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම දත්ත වාර්තාවල සඳහන් වේ.

පසුගිය වසරේ පළමු මාස 6 තුළ ශ්‍රී ලංකාව සංචාරක කර්මාන්තය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.55 ක මුදලක් උපයා තිබිණි. එසේම පසුගිය මාසයේදී සංචාරක කර්මාන්තයෙන් ශ්‍රී ලංකාව ඇමෙරිකානු ඩොලර් මිලියන 169.5 ක් උපයා තිබූ අතර එය 2024 වසරේ ජූනි මාසයේදී උපයා ගත් ඇමෙරිකානු ඩොලර් මිලියන 151.1 ට සාපේක්ෂව එය සියයට 12.1 වර්ධනයකි.

ශ්‍රී ලංකාව, මෙම වසරේදී සංචාරක කර්මාන්තයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 5 ක මුදලක් උපයා ගැනීමට සහ සංචාරකයන් ලක්ෂ 30 ක් ගෙන්වා ගැනීමට ඉලක්ක කර ඇති අතර ඒ අනුව ආදායම් ඉලක්කය සපුරා ගැනීම සඳහා ඉදිරි මාස 6 දී තවත් ඇමෙරිකානු ඩොලර් බිලියන 3.29 ක් මුදල සංචාරක කර්මාන්තයෙන් උපයා ගත යුතුව ඇත.

එසේම මෙම වසරේ පළමු මාස 6 ශ්‍රී ලංකාවට සංචාරකයන් 1,168,044 ක පිරිසක් මෙරටට පැමිණ ඇති අතර එය 2024 පළමු මාස 6 දී මෙරටට පැමිණි සංචාරකයන් 1,010,249 සාපේක්ෂව සියයට 15.6 ක වර්ධනයකි.