(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අධ්‍යාපනයේ තිබෙන කට පාඩම් ගිරාපෝතක ක්‍රමය ඉවත් කර රට සහ ලෝකය මුහුණ දෙන බහුවිධ ගැටලු සහ ප්‍රශ්න වලට විසඳුම් දිය හැකි පුරවැසියන් නිර්මාණය කරන්නට අධ්‍යාපනය නවීකරණය කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"මේ විවාදය හරයාත්මක වීමට නම් සංකල්ප පත්‍රිකාවක් තිබිය යුතුයි.නමුත් අද මේ විවාදය පවත්වන්නේ එවන් සංකල්ප පත්‍රිකාවක් නොමැතිවයි.අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කාර්යක්ෂමව ක්‍රියාත්මක කරන්න එය අවශ්‍යයි.
සමගි ජන බලවේගයේ අප නම් අපේ සංකල්ප පත්‍රිකාව හදලත් ඉවරයි. එය ජනාධිපතිවරණයේදී මෙන්ම මහ මැතිවරණයේදීත් අප ඉදිරිපත් කළා.අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියන්නේ යුගයේ අවශ්‍යතාවයක්. එය සිදුවිය යුතුමයි.ඕනම ක්‍රියාවලියක් අක්‍රමවත්ව ආරම්භ වුණොත් අවසානයත් ඒ තරම්ම සාර්ථක වන්නේ නැහැ.ලෝකය වෙනස් කළ හැකි හොඳම ආයුධය අධ්‍යාපනය බව නෙල්සන් මැන්ඩෙලා ප්‍රකාශ කර තිබෙනවා.අප රටේ තිබෙන්නේ යල් පැනගිය පැරණි ක්‍රමවේද අනුගමනය කරන සම්ප්‍රදායික රාමුවකට කොටුවූ කල් ඉකුත් වූ අධ්‍යාපන ක්‍රමයක්. ඒ තුළින් සිසු පරපුරට අසාධාරණයක් වෙනවා.
තාක්ෂණය, පරිගණක තාක්ෂණය අනිවාර්ය විය යුතු වගේම ඉතිහාසයත් හර විෂයක් ලෙස ක්‍රියාත්මක විය යුතුයි. අධ්‍යාපනයේ ගුණාත්මක බවට එය ඉවහල් වෙනවා යනුවෙන්ද විපක්ෂ නායකවරයා කීය.