ස.තො.ස ලාබ බඩු ගමේ කඩෙන්


(දයාසීලි ලියනගේ)

ස.තො.ස අලෙවි කරනු ලබන ආහාර ද්‍රව්‍ය එම මිලටම සෑම කුඩා නගරයකම පිහිටි සිල්ලර වෙළෙඳ සැලකටම ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනු ලබන බව ඇමති බන්ධුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

ස.තො.ස වෙළෙඳ සැල් ප්‍රමාණවත් නොවන බව ජනතාව ඉදිරිපත් කරන පැමිණිලි නිසා සෑම කුඩා නගරයකම පිහිටි පෞද්ගලික වෙළෙඳ සැලක් තෝරා ගෙන, ඒවාට ස.තො.ස අලෙවි කරන ආහාර ද්‍රව්‍ය එම මිලටම අලෙවි කිරීම සඳහා ලබාදෙන බවද ඇමතිවරයා කීය.

මේ වසරේ අවසාන වීමට පෙර මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනු ලබන බවද ඇමතිවරයා ප්‍රකාශ කලේය.