ශිෂ්‍යත්ව උත්තර පත්‍ර පරීක්‍ෂවරුන්ගෙන් අයදුම්පත් කැඳවයි


(යොහාන් භාසුර)

පස්වැනි ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර පරීක්‍ෂකවරුන් තෝරාගැනීමට මාර්ගගත ක්‍රමයට අයදුම්පත් ලබන සැප්තැම්බර් මස 1 වැනිදා සිට කැඳවන බව විභාග දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.

විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk සහ නිල ජංගම දුරකථන යෙදුම වන ‘ DoE ’ වෙත පිවිස අයදුම්පත් යොමුකළ හැකි බවත් එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.