ශ්‍රේණිධාරී විදුහල්පතිවරුන්ට අදියර 4ක සේවාරම්භක පුහුණුවක්


(රංජන් කස්තුරි)
 
අලුතින් බඳවා ගත් ශ්‍රේණිධාරී විදුහල්පතිවරුන්ට අදියර 4කින් යුතු සේවාරම්භක පුහුණුව අනිද්දා(02) සිට ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය කියයි.
 
නවක විදුහල්පතිවරුන් 1858දෙනෙකු ඉකුත් දා බඳවා ගත් අතර, ඔවුන් හෙට මහරගම ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ සහ මහරගම මධ්‍ය මහා විද්‍යාලයේදී අධ්‍යාපන ලේකම් එම්.එන්. රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරේ.
 
මෙම පුහුණුව හෙට සිට නොවැම්බර් 13 වන දින දක්වා පැවැත්වේ.
 
මෙසේ අලුතින් බඳවා ගත් ශ්‍රේණිධාරී විදුහල්පතිවරුන් 1858දෙනාත් සමග 2015 වසරේ සිට මේ දක්වා ශ්‍රේණිධාරී විදුහල්පතිවරුන් 5759 දෙනෙකු බඳවාගෙන ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය කියයි.