ශ්‍රීලනිපයෙන් ජනපති අපේක්ෂකයෙක්


(නාලක සංජීව දහනායක)

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා ස්ථිර වශයෙන්ම අපේක්‍ෂකයකු ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභාවේදී ඒකමතිකව තීරණය කර ඇත.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති මධ්‍යම කාරක සභා රැස්වීමේදී වයඹ පළාත් ආණ්ඩුකාර පේෂල ජයරත්න මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව තමන් විසින් ස්ථීර කළ බවත් එයට ඒකමතික අනුමැතිය හිමිවූ බවත් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ඉසුර දේවප‍්‍රිය මහතා පැවසීය.

ඉදිරි ජනාධිපතිවරණ අපේක්‍ෂකයා ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරමින් පක්‍ෂ සභාපති හා වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් විය යුතු බවටද පක්‍ෂයෙන් යෝජනාවක් ඉදිරිපත් වූ බව කී දේවප‍්‍රිය මහතා ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී අවසන් තීරණයක් ගන්නා බවද කීවේය. 

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පැවැත්වෙන සාකච්ඡා අධ්‍යයනය කිරීමට කමිටුවක් ද මෙහිදී පත්කර ඇත.