(අජන්ත කුමාර අගලකඩ)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සංධානය අණ්ඩුවෙන් ඉවත් කළ යතු බව හැමෝම කීවද තමා කළේ එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් කිරීම බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (01) රාත්‍රී පැවැති ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.
සියලු දෙනාගේම සහය ලැබෙන්නේ නම් තමා බහුතර ආණ්ඩුවක් නොව තුනෙන් දෙකක ආණ්ඩුවක් සාදන බවද ජනාධිපතිවරයා ජනාධිපති නිල නිවසේ අද රාත්‍රී පැවැති පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී ප්‍රකාශ කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයෙන් ආණ්ඩුවට එකතු වීමට බොහෝ පිරිසක් සිටින බව පවසා ඇති ජනාධිපතිවරයා එක්සත් ජනතා නිදහස් සන්ධානයට ආණ්ඩුව පිහිටුවීමේ කිසිදු ගැටළුවක් නැති බවද පවසා ඇත.
ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ආණ්ඩුව පිහිටුවීමට කොන්දේසි විරහිතව දක්වන සහය අගය කර ඇති ජනාධිපතිවරයා ඇමැතිවරු කණ්ඩායම් දෙකක් දැනටමත් දිවුරුම් දී ඇති අතර තවත් පිරිසක් අද හෙටම දිවුරුම් දෙන බවද පවසා ඇත.