ශ්‍රී ලංකාවෙන් බංගලාදේශයට ඩොලර් 50,000 ක ගංවතුර ආධාර


(ඩයනා උදයංගනී)

ගංවතුර තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින බංගලාදේශයට ඇමරිකානු ඩොලර් 50,000ක ආධාර මුදලක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.

විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා විසින් මේ සඳහා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

ඉකුත් ජූලි මාසයේ සිට පවතින ධාරාණිපාත වැසි හේතුවෙන් බංගලාදේශයට බලපා ඇති ගං වතුර තත්වය සැලකිල්ලට ගෙන එම රජය වෙත මෙම ආධාර මුදල ලබා දීමට රජය තීරණය කර තිබේ.