(අංජුල මහික වීරරත්න)
සීමාසහිත ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන්කරණ රක්ෂණ ඔප්පු සහ ගුවන්කරණ රක්ෂණ සේවා සඳහා වන කොන්ත්‍රාත්තු පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
සීමාසහිත ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා 2025-08-11 සිට 2026-08-10 දින දක්වා වූ ගුවන්තරණ රක්ෂණ ඔප්පු 04 ක් ලබා ගැනීම සඳහා සහ 2025-08-11 සිට 2028-08-10 දින දක්වා වූ ගුවන් තරණ රක්ෂණ සේවා සපයා ගැනීම සඳහා සීමිත ජාතික තරඟකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය යටතේ ලංසු කැඳවා තිබේ.
ඒ සඳහා ලංසු තුනක් (03) ඉදිරිපත් කර ඇත. ලංසු ඇගයීමේ කමිටුවේ සහ ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත පදනම්ව එකී කොන්ත්‍රාත්තු Sri Lanka Insurance Corporation General Limited වෙත ප්‍රදානය කිරීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී.