
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයේ අනුරාධපුර දිස්ත්‍රික්කය සඳහා නව දිස්ත්‍රික් සංවිධායකවරු සිව් දෙනෙක් පත්වීම් ලැබූහ.
අනුරාධපුර මහ නගර සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී ආර්.ඩී.කේ සුසිල් තිලකරත්න, තලාව ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී බී.එම් සෙනරත් බද්දේගම, කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති ඩබ්ලිව්. සනත් කුමාර බස්නායක, ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ඩබ්ලිව්.එම්. සමන්ත නාමල් විජේවර්ධන මහත්වරු මෙලෙස නව දිස්ත්‍රික් සංවිධායකවරුන් ලෙස පත් වූහ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති නිමල් සිරිපාලද සිල්වා මහතා අතින් මෙම පත්වීම් ලිපි ප්‍රදානය කළ අතර, මෙම අවස්ථාවට එම පක්ෂයේ මහ ලේකම්, අනුරාධපුර දිස්ත්‍රික් නායක දුමින්ද දිසානායක, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ඨ උපසභාපති මහින්ද අමරවීර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න මහත්වරුද සහභාගී වූහ.

