වෛද්‍යවරුන්ට ඉහළ දැමූ 35,000ක දීමනාව අත්හිටුවයි


(යොහාන් භාසුර)

මෙම ජනවාරි මස සිට වෛද්‍යවරුන්ට ගෙවීමට යෝජනා කර තිබූ රුපියල් 35,000 ක දීමනාව තාවකාලිකව අත්හිටුවූ බව සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා සියලුම රෝහල් අධ්‍යක්‍ෂවරුන්ට සහ ආයතන ප්‍රධානීන්ට දැනුම් දී තිබේ.

අනුමත ප්‍රතිපාදන සීමාව තුළ මහා භාණ්ඩාගාරය මුදල් දීමට කටයුතු කර නොමැති බවත් භාණ්ඩාගාරය සමඟ සාකච්ඡා කර අදාල ගැටලුව විසදාගන්නා තෙක් වැඩි කළ රුපියල් 35,000 ක ගෙවීම සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාගේ උපදෙස් අනුව අත්හිටුවූ බවත් සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ලිපියක් නිකුත් කරමින් පවසයි.