වේයො හදපු තුඹසට පොළඟෙක් රිංගුවා


 

(සුජිත් හේවාජුලිගේ )

බැසිල් රාජපක්ෂ මහතා පොහොට්ටුවට පැමිණීම හරියට වේයො හදපු තුඹසට පොළඟෙකු රිංගුවා හා සමාන ක්‍රියාවකැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පැවසීය.

පොහොට්ටුව හැදුවේ විමල් උදය ඇතුළු පිරිස මිසක් බැසිල් රාජපක්ෂ නොවන බවත් ඔහු මෙරටට පැමිණියේ එම පක්ෂය ලියාපදිංචි කිරීමට පමණක් බවත් මන්ත්‍රීවරයා කීවේය.

පොහොට්ටුව සෑදීමට මුල් වුණේ වෙනත් පිරිසක් බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ‍ය.