වෙසක් නරඹා එද්දී ලොරිය හැපිලා 10ක් රෝහලේ


(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

කොළඹ වෙසක් සිරි නරඹා ආණමඩුව වෙත ගමන් කරමින් තිබු ලොරි රථයක් මූදුකටුව ප්‍රදේශයෙදී මාර්ගයෙන් ඉවතට පැන සිදුවු අනතුරීන් තුවාල ලැබු දස දෙනකු මාරවිල මූලික රෝහලට ඇතුළත් කර ඇති බව මාරවිල මූලස්ථාන පොලිසිය කියයි.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ ආණමඩුවේ සිට වෙසක් සිරි නැරඹිමට කුඩා ලොරි රථයකින් කොළඹ ගොස් ආපසු නැවත ආණමඩුවට පැමිනෙමින් සිටි පිරිසක් බව කියයි.

එම අනතුරින් දස දෙනෙකු තුවාල ලබා ඇති බවත් ඒ අතර කුඩා ළමුන් තිදෙනෙකුද සිටින බව කියයි.