
(ෂේන් සෙනෙවිරත්න )
වෙන්නප්පුව ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී එහි සිටි මුරකරු ඝාතනය කොට නිවස කොල්ලකා එම නිවසේ තිබූ රුපියල් කෝටි ගණනක් වටිනා කේ.ඩී.එච්. වර්ගයේ වෑන් රථයක් පැහැරගෙන ගිය කොල්ලකරුවන් වෑන් රථය මහනුවර පේරාදෙණිය පාරේ කටුකැලේ බාලිකා පාසලක් ඉදිරිපිට දමා ගොස් තිබියදී මහනුවර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය මගින් සොයා ගෙන තිබේ.
එම වෑන් රථය තුළ තිබී පිහි දෙකක්, වෑන් රථය තුළ සිට අයිස් මත්ද්‍රව්‍ය පානයට අවශ්‍ය යැයි සැකකරණ ද්‍රව්‍ය ඇතුළු සැක කටයුතු ද්‍රව්‍ය රැසක් පොලිසිය විසින් සොයාගෙන තිබේ.ෙවෑන් රථය එම ස්ථානයේ දමා සැකකරුවන් දෙදෙනෙකු ඉන් බැස ගොස් යතුරුපැදියක නැගී පලා ඇති බව පවසන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරයි.

