වෙදආරච්චි කළු ඇඳගෙන පාර්ලිමේන්තුවට


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ධීවර ජනතාවගේ අයිතීන් සුරකින ලෙස ඉල්ලා සිටිමින් සමගි ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතා අද කළු පැහැති ඇඳුම් ඇඳගෙන පාර්ලිමේන්තුවට පැමිණියේය.

"ධීවර කර්මාන්තයේ යෙදෙන ජනතාවගෙන් සියයට 50කට වඩා අද මහ පාරට බැස ඔවුන්ගේ අයිතීන් රැක ගැනීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය අසල, ධීවර අමාත්‍යාංශය අසල උද්ඝෝෂණ කරනවා.එම උද්ඝෝෂණ වලට සහාය දැක්වීම සඳහාත් සමස්ත ධීවර ජනතාවගේ අයිතීන් ලබා නොදීම සම්බන්ධයෙන් රජයට සහ ජනාධිපතිවරයාට විරෝධය පළකිරීමටත් සඳහා මම අද කළු වස්ත්‍රයක් ඇඳ පැමිණියා.ඒ විරෝධය පෑමට සහාය පළ කිරීම සඳහා  අගමැතිතුමියත් අද කළු  ඇඳගෙන පැමිණ තිබෙනවා.ඒකට මම එතුමියට ස්තුතිවන්ත වෙනවා.

බහු දින යාත්‍රා හිමියන් 7000ක් පමණ මේ කර්මාන්තයේ නිරත වී සිටිනවා.ජනපති බහු දින යාත්‍රා  හිමියන් වෙනුවෙන් එදා වේදිකාවක් ගානේ ගිහින් ජනතාවට පොරොන්දු ලබා දුන්නා.ඩීසල් ලීටරේ රුපියල් 150ට ලබා දෙන බව කිව්වා. වරායෙන් ගොඩබාන විට ගහන බද්ද ඉවත් කරන බව කිව්වා.කාංචනගෙ සාක්කුවට යන කොමිස් ඉවත් කරන බව කිව්වා. අද වනතුරුත් ඒ සහනාධාරය නෑ" යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.