වෙඩි මැද හරක් හොරු පනිති


(පද්මසිරි ගාර්දියවසම්  )                    

වලස්මුල්ලේ සිට හක්මණ දෙසට   එළ ගවයෙකු හොරෙන් පටවා ගමන් ගත්  ත්‍රීරෝද රථයක් පසුපස හඹා ගිය වලස්මුල්ල පොලිසියේ ජංගම මුර සංචාරයේ යෙදුණු පොලිස් නිළධාරින් පිරිසක් එය නවත්වා ගැනිමට  මීඇල්ල පනන්වෙල ප්‍රදේශයේ දි  ටී 56 ගිණි අවියකින් අහසට වෙඩි තැබූවද ත්‍රීරෝද රිය නොනවත්වා පලාගිය බව  වලස්මුල්ල පොලිසිය කියයි .

අද  (29) අලුයම හයට පමණ මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර ඉන් කිසිවෙකුට  තුවාලයක් හෝ හානියක් සිදුවී නැතැයි පොලිසිය පවසයි .

පොලිසිය  අහසට වෙඩි තැබූවද නොනවත්වා පලාගිය ත්‍රීරෝද රිය හක්මණ ,මී ඇල්ල මුස්ලිම් පල්ලිය පිටුපස අතහැර දමා  සැකකරුවන් පලාගොස් තිබේ .

ත්‍රිරෝද රථය හා එහි පටවා ගෙන පැමිණි එළ ගවයා පොලිස් බාරයට ගෙන ඇත .

තංගල්ල කොට්ඨාස බාර ජෙශ්‍යඨ් පොලිස් අධිකාරි කේ .බී .කීර්තිරත්න ,තංගල්ල සහකාර පොලිස් අධිකාරි (2) ආර්.ඒ.එම්.ජේ.ආරියරත්න යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි වලස්මුල්ල පොලිසිය සැකකරුවන් අත් අඩංගුවට ගැනිමට පරීක්ෂණ පවත්වයි .