
(දයාරත්න ඇඹෝගම සහ බී.ඩබ්ලිව්.ඩි. ධර්මකීර්ති)
විසා බලපත්‍ර නොමැතිව මාස කිහිපයක් තිස්සේ අනුරාධපුර නගරයේ හා මිහින්තලය නගරයේ සුඛෝපභෝගි හෝටල් පහක රැදි සිටි චීන, තායිවාන්, මියන්මාර් ජාතිකයන් 134 දෙනෙක් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
චීන ජාතිකයන් 124ක්ද මියන්මාර් ජාතිකයන් 06 දෙනෙකු ද තායිවාන් ජාතිකයන් 04 දෙනෙකු ද අත්අඩංගුවට පත්ව තිබේ.ඔවුන් අතර කාන්තාවන් සිටින්නීය.
රාජ්‍ය බුද්ධි අංශයෙන් ලද තොරතුරන් අනුව අනුරාධපුර නගරයේ සුඛෝපභෝගි හෝටල් හතරක ද මිහින්තලේ නගරයේ පිහිටි එක් සුඛෝපභෝගි හෝටලයක ද මෙම පිරිස විසා බලපත්‍ර නොමැතිව දිර්ඝ කාලයක් රැදි සිටි බව රාජ්‍ය බුද්ධි අංශ පවසයි.
එම හෝටල් පරිශ්‍රවලට වෙනත් පුද්ගලයන්ට ඇතුලු විමට ඇති අවස්ථාවන් එම හෝටල් හිමියන් විසින් ලබාදි නොමැති අතර මෙම විදේශීය ජාතිකයන් පමණක් එම හෝටල්වල පරිගණක භාවිතා කරමින් සිට ඇති බවත් බුද්ධි අංශ විසින් අනාවරණය කොට ගෙන තිබුණි. මොවුන් නීති විරෝධි ආකාරයේ මුල්‍ය ජාවාරමක නිරතව සිටින බවට බුද්ධි අංශ සැකපල කරයි.


