(පද්මසිරි ගාර්දියවසම් )
වීරකැටිය අතුබොදේ ප්‍රදේශයේ ඉඩමක ටකරන් යට සඟවා තිබූ පොහොර උර දෙකක තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 100 කට ආසන්න ප්‍රමාණයක් අද සොයාගත් බව වීරකැටිය පොලිසිය පවසයි .
රුපියල් කෝටි ගණනක් වටිනා මෙම හෙරොයින් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් දෙදෙනෙකු අත් අඩංගුවට ගත් බවද පොලිසිය පවසයි .
සැකකරුවන් අතර වීරකැටිය අතුබොදේ ප්‍රදේශයේ පිහිටි බේකරියක හිමිකරුවෙකුද සිටින බව පොලිසිය කියයි .
සැකකරුවන් මහා පරිමාණයේ මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ පුද්ගලයින් බවට සැකකරන බවද පොලිසිය කියයි