(බිඟුන් මේනක ගමගේ )
සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන් පමණක් ලංකාවේ සියලු වීදි නාම පුවරු සකස් විය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.
අග්‍රාමාත්‍යවරයා මේ බව අභ්‍යන්තර කටයුතු, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන ඇමැති වජිර අබේවර්ධන මහතා වෙත අද (22) දැනුම්දුන් බව අග්‍රාමාත්‍ය කාර්යාලය ප්‍රකාශ කරයි.
මෙම භාෂා තුන හැර වෙනත් කිසිදු භාෂාවකින් වීදි නාම පුවරු නම් නොකළ යුතු බවට අග්‍රමාත්‍යවරයා උපදෙස් දී ඇත.
නැගෙනහිර පළාතේ ඇතැම් වීදි අරාබි භාෂාවෙන් නම් කර ඇති බවට පාර්ශ්ව ගණනාවකින් පසුගියදා චෝදනා කර තිබිණි.

