වී ගන්න වෙන් කළ මුදල දෙගුණ කරයි


(අංජුල මහික වීරරත්න)

වී මිල දී ගැනීම දිස්ත්‍රික් ලේකම්වරුන් මගින් සිදු කිරීම සඳහා වෙන් කරන රුපියල් බිලියන 10ක මුදල අවශ්‍යතාවය පරිදි රුපියල් බිලියන 20ක් දක්වා ඉහළ නැංවීමට  ජනපති තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.  

මෙවර දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් මිල දී ගන්නා වී මාස දෙකක් යන තෙක් අඩු ආදායම්ලාභී පවුල් සඳහා එක් පවුළකට මාසයකට හාල් කිලෝ ග්‍රෑම් 10ක් බැගින් ලබා දීමට රජය කටයුතු යොදා ඇත. 

අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 20කට මෙම සහනය ලබා දීමට කලින් තීරණය කර තිබු නමුත් පසුව  පවුල් සංඛ්‍යාව ලක්ෂ 29ක් දක්වා ඉහළ නංවා තිබෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.