විස්ස ගැන සොයා බැලීමට සමගි ජන බලවේගයෙන් කමිටුවක්


 

(නිමල කොඩිතුවක්කු)

විසිවැනි සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ආණ්ඩුව සිදු කරන සංශෝධන සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්දේශ පිළිබද අධ්‍යයනය කර කරුණු වාර්තා කිරීමට සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කර තිබේ.


පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාඨලී චම්පික රණවක, ඉරාන් වික්‍රමරත්න, හර්ෂ ද සිල්වා, මුජුබර් රහුමාන් යන මහත්වරුන් එහි සාමාජිකයන් ලෙස පත්කර ඇතැයි සමගි ජන බලවේගය ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු කණ්ඩායම රැස්වූ අවස්ථාවේදී මෙම කමිටුව පත් කර ඇති බවත් ඔහු සඳහන් කළේය.

විසිවැනි සංශෝධනය සම්බන්ධයෙන් ආණ්ඩුව සිදු කර ඇති සංශෝධන පිළිබඳ කරුණු සොයා බලා පාර්ලිමේන්තු කණ්ඩායම දැනුවත් කිරීම එම කමිටුව මඟින් සිදුකරනු ඇතැයි ද අත්තනායක මහතා වැඩිදුරටත් පැවසීය.