විසර්ජන පනත් කෙටුම්පත හෙට මැති සබයට


(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

ලබන වසර (2022) සඳහාවන අයවැය විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට හෙට (7) ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කරන බව සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවට පසුගියදා දැනුම් දුන්නේය.

මෙම විසර්ජන පනත් කෙටුම්පත මගින් ඒ ඒ අමාත්‍යාංශවලට ප්‍රතිපාදන වෙන් කෙරෙන ආකාරය ගැන තොරතුරු ඉදිරිපත් කෙරේ.

අයවැය විසර්ජන පනත් කෙටුම්පතට කැබිනට් මණ්ඩලයේ අනුමැතියද පසුගියදා ලැබිණ.

මේ අතර රජයේ අයවැය යෝජනාවලිය පාර්ලිමේන්තුවට ලබන නොවැම්බර් මස 12 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිතය.