විෂ පොල්තෙල් සමාගමට නඩු


(යොහාන් භාසුර)

ප‍්‍රමිතියෙන් තොර පොල්තෙල් වෙළෙදපොලට නිකුත් කළ බවට චෝදනා එල්ල වී ඇති ප‍්‍රධාන පොළේ පොල්තෙල් සමාගමට එරෙහිව ලබන අඟහරුවාදා (4 වැනිදා* මාලිගාකන්ද අධිකරණයේ නඩු පවරන්නේ යැයි සමූපකාර සේවා, අළෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

අදාල සමාගමේ සන්නාමයෙන් වෙළෙදපොලේ ඇති පොල්තෙල් තොග ඉවත් කිරීමටත්, අදාල සමාගමේ නිෂ්පාදනය අත්හිටුවීමටත්, ඔවුන්ගේ ගබඩාවල ඇති පොල්තෙල් සීල් තැබීමටත්, පාරිභෝගික අධිකාරිය මේ වන විටත් කටයුතු කර ඇති බවත් පාරිභෝගික අධිකාරීයේ වර්තමාන පනතට අනුව එම පොල්තෙල් සම්බන්ධයෙන් ගතහැකි උපරිම පියවර මේ වන විට ගෙන ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.