(ටී.කේ.ජී.කපිල )
චීනයේ වෙසෙන ලාංකික සිසුන් ලංකාවට රැගෙන ඒම සඳහා හෙට (28) විශේෂ ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපළෙන් චීනය බලා පිටත්ව යෑමට නියමිත බව එහි ප්‍රකාශකයෙක් පැවසීය.
උසස් අධ්‍යාපනය ලබා ගැනීමට චීනයට ගොස් මෙරටට පැමිණීමට නොහැකිව සිටින එම සිසුන් රැගෙන ඒම සඳහා හෙට උදෑසන 9.00 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයක් මෙසේ පිටත් වීමට නියමිතය.

