විශ්‍රාම ගිය හැම ජනපති කෙනෙකුටම කොළඹ ගෙවල් තියෙනවා


(සුජිත් හේවාජුලිගේ )

රජයේ බංගලාගත් සෑම ජනාධිපතිවරයෙකුටම කොළඹ ගෙවල් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය

නලින්ද ජයතිස්ස මහතා මෙසේද පැවසීය

සමහර රාජ්‍ය ආයතන හිටපු ජනාධිපතිවරුන්ගේ බංගලා  ඉල්ලලා තියෙනවා. නමුත් තවම තීරණයක් ගෙන නැහැ. භාණ්ඩාගාරයට වැඩිම වාසිය තියෙන ඉල්ලීමට කටයුතු කරනවා.