විශ්ව විද්‍යාල සිසුන්ටත් එන්නත්


(රංජන් කස්තුරි)

විශ්ව විද්‍යාල සිසුන්ට තමන් පදිංචි ප්‍රදේශයේ ළඟම ඇති එන්නත්කරණ මධ්‍යස්ථානට ගොස් කෝවිඩ් මර්දන එන්නත් ලබා ගත හැකි බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කරයි.

විශ්ව විද්‍යාල හැඳුණුපත ඉදිරිපත් කරන සිසුනට කොවිඩ් මර්දන එන්නත් ලබාගත හැකි බව ද එම් පිළිබඳව සෞඛ්‍ය අංශ සමඟ සාකච්ඡා කළ බව ද විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කියයි.

විශ්ව විද්‍යාල සිසුන් එන්නත් ලබා ගැනීමෙන් අනතුරුව විශ්ව විද්‍යාල යළි විවෘත කිරීමේ දිනය තීන්දු කරන බව ද එම කොමිෂන් සභාව සඳහන් කරයි.