
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
විල්පත්තුව ජාතික වන උද්‍යානයේ සංචාරයට පැමිණි සංචාරකයන් පිරිසක් ජලයට කොටුවී සිටියදී වනජීවි නිළධාරීන් හා සපාරි රථ එක්ව බේරා ගත් බව එළුවන්කුලම වනජීවි කාර්යාලය පවසයි.
මහ වැසිත් සමග රාජාංගන ජලාශයේ දොරටු විවෘත කර කලාඔයට ජලය මුදා හැරීමත් සමග කළාඔයෙන් ගලා ආ දැවැන්ත ජලකඳ හේතුවනේ විල්පත්තුව ජාතික වන උද්‍යානයට ඇතුළුවිමට ඇති එළුවන්කුලම පිවිසුම අඩි 6 කින් යට විය. වාහන ගමනා ගමන කටයුතු සම්පුර්ණයෙන් නැවතිනි.
මහා ජල පහරට අවසු මාර්ගවලට හිනි සිදුව ඇති අතර විල්පත්තුව ජාතික වන උද්‍යානයේ සංචාරයකට එක්ව සිටි දෙස් විදෙස් සංචාරකයන් 30 දෙනකුට ආසන්න පිරිසක් ආපසු එළුවන්කුලිම පිවිසුමට පැමිණීමට නොහැකිව සිටියදී වනජීවි නිළධාරීහු ඇතුළු පිරිසක් විල්පත්තුව ජාතික වන උද්‍යානය තුළට ගොස් මහත් පරිශ්‍රමයක් දරා රැගෙන ඒමට කටයුතු කර කළහ.



