වියානා ඇලෙන් හමු වූ මළ සිරුර ඝාතනයක්


(ගයාන් සූරිය ආරච්චි) 

මහියංගනය වියානා ඇලේ තිබී හමුවූ මෘත දේහයක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන වලදී මියගිය පුද්ගලයාගේ බිරිය සහ තවත් පුද්ගලයකු අතර පැවති අනියම් සම්බන්ධතාවයක් මුල් කරගෙන මෙම ඝාතනය සිදුකර ඇති බවට තොරතුරු ඊයේ (19) අනාවරණය වූ බව මහියංගණය පොලිසිය පවසයි.

එම ඝාතන සිද්ධියට සම්බන්ධ සැකකරු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් සැකකරු මැදවෙල උඩුකිඳ ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි පුද්ගලයෙකි.

මියගිය පුද්ගලයාගේ බිරිය සහ අනියම් සැමියා සිදුකළ සැලසුම්කට අනුව  ප්‍රධාන සැකකරු විසින් වියානා ඇල ප්‍රදේශයේදී මිය ගිය පුද්ගලයා සමග මත්පැන් පානය කිරීමෙන් අනතුරුව ඔහුගේ  ගෙල ප්‍රදේශය අල්ලා දියේගිල්වා ඝාතනය කර යතුරු පැදියේ වියානා ඇළට තල්ලුකර ඇති බව අනාවරණය වී ඇත.

මෙසේ ඝාතනය කර ඇත්තේ අරාවත්ත   මහියංගනය ප්‍රදේශයේ පදිංචි ඒ.ඩී. විමලසිරි  51 නැමැති පුද්ගලයෙකි.

මියගිය පුද්ගලයාගේ බිරිය සහ අනියම් සැමියා මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව මයියංගණය පොලිසිය පවසයි.