මනෝප්‍රිය ගුණසේකර
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංස මහතාට එරෙහි නඩුව තමන් විභාග කිරිම සුදුසු නොවන බව සඳහන් කළ කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා එම නඩුව සුදුසු අධිකරණයට යොමු කිරිම සඳහා කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්.හෙයියන්තුඩුව මහතා වෙත යොමු කළේය.
ඇමැතිවරයකු ලෙස කටයුතු කළ සමයේ සිය වත්කම් හා ආදායම් වලින් උපයා ගත නොහැකි රුපියල් මිලියන 75 කට අධික මුදල් හා දේපලවල හිමිකරුවන් සිටීම සම්බන්ධයෙන් වන නඩුව මෙලෙස වෙනත් අධිකරණයට යොමු කෙරිණි.
විකුම් කළුආරච්චි මහතා බරතපල දුෂණ විමර්ශන කිරිමේ කොමිසමේ සාමාජිකයකු ලෙස කටයුතු කළ හෙයින් එම නඩුව තමන් විභාග කිරිම නුසුදුසු බව සඳහන් කරමින් නඩුව සුදුසු අධිකරණයට යොමු කිරිම සඳහා කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරුවරයා වෙත යොමු කළේය.
එම කරුණු සැළකිල්ලට ගත් කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්.හෙයියන්තුඩුව මහතා මෙම නඩුව විභාග කිරිම සඳහා ශෂි මහේන්ද්‍රන් මහතා වෙත යොමු කළේය.