(සුජිත් හේවාජුලිගේ )
ජනතා අභිලාෂයන්ට හිස නමමින් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඉල්ලා අස්විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවැසීය.
ඉන්පසු දේශීයව මෙන්ම ජාත්‍යන්තරව පිළිගන්නා අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කළ යුතු බව පැවසූ මන්ත්‍රීවරයා රටේ දේශපාලන ස්ථාවරය තහවුරු කරන අතරේ ආර්ථික ප්‍රශ්නය විසඳීම ප්‍රමුඛ කාර්යභාරය කරගත යුතු බවද ප්‍රකාශ කළේය.
ඔහු මෙසේ ප්‍රකාශ කර ඇත්තේ සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමිනි.