
(රංජිත් රාජපක්ෂ )
නෝර්ටන්බ්‍රිජ් විමලසුරේන්ද්‍ර ජල පෝෂක ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ විමලසුරේන්ද්‍ර ජලාශය අද (27) උදෑසන සිට වාන් දැමීමට පටන් ගෙන ඇත.
විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දැමීමත් සමග කැළණි ගගේ ජල මට්ටම තරමක් ඉහළ ගොස් ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකය පවසයි.
කාසල්රි සහ මාවුස්සාකැලෙ ජලාශවල ජල මට්ටමද පිටාර මට්ටමට ආසන්න වෙමින් පැවතින බවත්, ඒ අනුව කැනියෝන්, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය සහ විමලසුරේන්ද්‍ර ජලාශවල විදුලි ධාරිතාව උපරිම ධාරිතාවයෙන් සිදු කරන බව එම ජලාශභාර ඉංජිනේරුවන් කියා සිටියේය.

