විභාග දෙපාර්තමේන්තු සේවා සීමා වෙයි


(යොහාන් භාසුර)

රට තුළ පවතින කොවිඞ් අවදානම් තත්වය හේතුවෙන් ශ‍්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තු සපයන සේවාවන් සීමා කිරීමට පියවර ගෙන ඇති බව විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත මහතා පවසයි.

ඒ අනුව විභාග සහතික පත් නිකුත් කිරීම මාර්ගගත සහ විද්‍යුත් තැපැල් (ඊමේල්) යන ක‍්‍රමවලට පමණක් ක‍්‍රියාත්මක කරන බවත් සහතික පත් අවශ්‍යතාව අනුව විදේශ කටයුතු අමාත්‍යංශය හෝ අධිවේගී තැපෑලෙන් අයදුම්කරුට යොමු කරන බවත් විභාග දෙපාර්තමේන්තු පවසයි.

DoE යන විභාග දෙපාර්තමේන්තුවේ දුරකථන යෙදවුමෙන් ද සහතික පත් අයදුම් කළ හැකි බවත් www.doenets.lk යන නිල වෙබ් අඩවියෙන් වැඩි විස්තර ලබාගත හැකි බවත් එම දෙපාර්තමේන්තුව කියයි. මාර්ගගත ක‍්‍රමයට සහතික පත් අයැදුම් කිරීමට certificate.doenets.lk සබැදිය හරහා යොමුවිය යුතු අතර 2001 වසර සහ ඉන් පසු සාමාන්‍ය සහ උසස් පෙළ විභාග සහතික පිළිබඳව 0112788137 යන දුරකථනයෙන් විමසීම් කළ හැකිය.

විද්‍යුත් තෑපෑලෙන් 2001 වසරට පෙර සාමාන්‍ය සහ උසස් පෙළ විභාග සහතික ඇතුළු සෙසු විභාග සහතික ලබාගැනීම සඳහා [email protected] යන ඊමේල් ලිපිනයට ද, විභාග අංක ලබාගැනීමට [email protected] යන ඊමේල් ලිපිනයට ද, නාම සංශෝධන සඳහා [email protected] යන ලිපිනයට ද අයැදුම්පත් යොමු කළ යුතුය.

2001 වසරට පෙර සාමාන්‍ය සහ උසස් පෙළ විභාග සහතික ඇතුළු සෙසු විභාග සහතික පිළිබඳව සහ විභාග අංක ලබාගැනීමට පිළිබඳව වැඩි විස්තර 0112784323 දුරකථනයට ඇමතීමෙන් ලබාගත හැකිය. අයදුම්කරුගේ ඉල්ලීම් ලිපිය, උප්පැන්න සහතිකය, ජාතික හැදුනුම්පතේ පිටපතක්, නම සහතික කිරීම සඳහා වෙනත් ලියවිලි සහ නම සංශෝධනයට අදාල ප‍්‍රතිඵල ලේඛණ ආදිය ස්කෑන් කර යොමු කළ යුතුය.

මේ පිළිබඳ වැඩි විස්තර 0112784537 හෝ 0112784208 යන දුරකථනවලට ඇමතීමෙන් ලබාගත හැකිය.