ජලගැල්මෙන් අවතැන් වූ උතුරේ ජනතාවගේ සෞඛ්‍ය සේවා කටයුතු සොයා බැලීම සහ අවතැන් කඳවුරුවල ජනතාවට අවශ්‍ය වියළි ආහාර මලු පරිත්‍යාග කිරීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් සිදු කෙරිණි.
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව, ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල, කොළඹ ජාතික රෝහල, ඖෂධ කර්මාන්තකරුවන්ගේ වාණිජ මණ්ඩලය ඇතුලු තවත් ආයතනවලින් එකතු කරන ලද වියළි ආහාර මළු සහ ළදරු නිෂ්පාදන මෙහිදී බෙදා අවතැන් වුවන්ට ලබා දීමට කටයුතු සලසා තිබිණි.
බෙදා දුන් මුළු සහනාධාර තොඟයේ වටිනාකම රුපියල් කෝටි 02 කට අධික වන අතර සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය සිදු කෙරිණි.
ඒ අනුව කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පරන්තන් මුරුගානන්දා ප්‍රාථමික විද්‍යාලයේ ස්ථාපිත කර ඇති අවතැන් කඳවුරේ පවුල් 400 කට සහ මුලතිව් සුගන්දිරම්පුරම් ප්‍රාථමික විද්‍යාලයේ ස්ථාපිත කර ඇති අවතැන් කඳවුරේ පවුල් 600 කට වියළි ආහාර මලු ලබා දීම සිදු කෙරුණු අතර , කඳවුරු දෙකට එම ද්‍රව්‍ය බෙදා දීමෙන් පසු ඉතිරිව වියළි ආහාර මලු ප්‍රාදේශිය ලේකම්වරුන් මගින් සෙසු අවතැන් කඳවුරුවලට බෙදාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් ලබාදුන්නේය.
(36698)