
(බන්දුල ඉලේපෙරුම)
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත විවාදයට ගන්නා අද (21) දින ඊට විරෝධය පළ කරමින් විපක්ෂ මන්ත්‍රීවරු 20 එපා යනුවෙන් සඳහන් රතු පටි පැළඳ පාර්ලිමේන්තු සභා ගැබට පැමිණ සිටිති.
එසේම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු පිරිසක් සිය මුඛ ආවරණයේ ද 20ට විරුද්ධ බව සඳහන් කරගෙන පැමිණ ඇත.
අද පෙරවරුවේ සභා ගැබට පිවිසීමට ප්‍රථම පාර්ලිමේන්තුව ඇතුළත 20ට විරුද්ධව කුඩා උද්ඝෝෂණයක් ද ඔවුහු පැවැත්වූහ.

