( තිළිණි ද සිල්වා සහ යොහාන් භාසුර)
දැනට ශ්‍රී ලංකාව තුළ රැදී සිටින විදේශිකයින් ලබා ගෙන ඇති සියලු වර්ගයේ වීසා බලපත් වලංගු කාල සීමාව අද(08) සිට සැප්තැම්බර් 07වැනිදා දක්වා මාසයකින් දීර්ඝ කළ බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව කියා සිටී.
එම කාලසීමාව තුළ කල් ඉකුත් වන වීසා සඳහා එම කාල සීමාවට අදාළ වීසා ගාස්තු පමණක් අය කරනු ලබන අතර කිසිදු දඩ මුදලක් අය නොකරන බව ද ආගමන විගමන දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
ඒ අනුව සංචාරක වීසා බලපත් හිමි විදේශිකයින් එම වීසා දීර්ඝ කිරීමට අදාළය වීසා ගාස්තු ගෙවීමට https://eservices.immigration.
මේ අතර 08 වැනිදා සිට සැප්තැම්බර් 07 වැනිදා දක්වා වන වීසා දීර්ඝ කිරීම් සියලු නේවාසික වීසා බලපත් හිමි අයටද අදාළ වන අතර එම කාලයට පෙර වීසා බලපත් දීර්ඝ කර ගැනීම සදහා සතියේ රාජකාරී දින වල පෙරවරු 8.30 සිට පස්වරු 3.00 දක්වා 070/7101050 යන දුරකථන අංකය අමතා දිනයක් හා වේලාවක් වෙන් කර බත්තරමුල්ල පිහිටි අගාමන විගමන ප්‍රධාන කාර්යාලයට පැමිණි අදාළ වීසා ගාස්තු ගෙවි යුතු බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටී.

