
( තිළිණි ද සිල්වා)
කොරෝනා වයිරසයේ ව්‍යාප්තියත් සමඟ ලෝකයේ රටවල් 105 ක රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 26,500 වැඩි පිරිසක් මේ වනවිට මෙරටට ගෙන්වාගෙන ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල්, මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා පැවසීය.
ඊට අමතරව රටවල් කිහිපයක උසස් අධ්‍යාපන කටයුතු වල නිරතව සිටි ලාංකික සිසු සිසුවියන් 3,000 ට වැඩි පිරිසක් ද මේවන විට ගෙන්වාගෙන තිබෙන බවද විදේශ අමාත්‍යාංශ ලේකම්වරයා කියා සිටියේය .
රුසියාව, චීනය, ඕස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය ඇතුළු රටවල් රැසක සිටි ලාංකික සිසු සිසුවියන් පිරිසක් මෙලෙස ගෙන්වාගෙන සිටින බවද මේ කිසිවකු ප්‍රභූ අයගේ දරුවන් නොවන බවද ඒ මහතා පෙන්වා දෙයි.
මේ සියලු දෙනා පී.සී.ආර් පරීක්ෂණ සඳහා භාජනය කිරීමෙන් අනතුරු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පියවර ගෙන තිබේ.

