(කේ බුද්ධික කුමාරසිරි)
කඩුවෙල බෝමිරිය මධ්‍ය මහ විද්‍යාල ජාතික පාසලේ විදුහල්පතිවරයාට ඉවත් වන්නැයි පවසමින් ජාතික පාසල සුරැකීමේ සංවිධානය විසින් සංවිධානය කර තිබූ විරෝධතාවයක් අද (27) දින උදෑසන එම විද්‍යාලය ඉදිරිපිට දී පැවැත්විණි.
එම විරෝධතාවය සඳහා පුද්ගලයින් සියයකට වැඩි පිරිසක් සහභාගි වී සිටි අතර විරෝධතා පාඨ කියමින් විරෝධතා පූවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවයේ නියැලී සිටියහ.
විරෝධතාකරුවන් ප්‍රකාශ කළේ මේ වන විට විදුහලේ අඩුපාඩු රාශියක් පැවතියත් එම කටයුතු සම්පූර්ණ කිරීමට විදුහල්පතිවරයා අපොහොසත් වී ඇති බවත් සියලු කරුණු චක්‍රලේඛවලට මුවාවෙමින් අතහැර දැමීමට කටයුතු කර ඇති බවයි.
බෝමිරිය මධ්‍ය මහා විද්‍යාල ජාතික පාසලේ විදුහල්පති අසංක මනෝජ් තිලකරත්න මහතාගෙන් මේ සම්බන්දව විමසීම සදහා දුරකතන ඇමතුම් දහයකට ආසන්න ගණනක් ගත්තද ප්‍රතිචාර දැක්වීමක් සිදු නොවීය.