විදුලිය මිලදී ගැනීමට නව සූත්‍රයක්


(යොහාන් භාසුර)

පුනර්ජනනීය බලශක්ති ව්‍යපෘති කඩිනම් කිරීමට සහ දිරිමත් කිරීම වෙනුවෙන් නව විදුලිය මිලදී ගැනීමේ සුත්‍රයක් හඳුන්වා දෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

වසර 20 ක විදුලිය මිලදී ගැනීමේ ක්‍රමය යටතේ එම වර්ෂයේ පොලී අනුපාතය සහ ඉදිකිරීම් සිදුකිරිමේදී විදේශ විනිමය අනුපාතයන් සහ අනෙකුත් වියදම් සැලකිල්ලට ගෙන ආදේශ කිරීමේ ගාස්තු ක්‍රමයක් හඳුන්වාදීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා කීය.

නව විදුලිය මිලදී ගැනීමේ සුත්‍රයක් සකස් කිරීමට පත් කළ කමිටුවේ සාමාජිකයන් සමග එහි අවසන් වාර්තාව පිළිබඳව සාකච්ඡාවකදී අමාත්‍යවරයා එසේ පැවසීය.