(රන්න චන්ද්‍රසේන ගමගේ)
මේ වන විට ජල විදුලිබල උත්පාදනය ඉතා සීඝ්‍රයෙන් පහළ වැටී ඇති හෙයින් විදුලිබලය අරපිරිමැස්මෙන් පාවිචිචි කරන්නැයි රටේ ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව විදුලිබල අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (25) පැවසීය.
‘‘මේ වනවිට විදුලිය ලබාදීමට ඩීසල් විදුලි බලාගාර පාවිච්චි කරනවා. එය ඉතා මිල අධික කාර්යයක්. එම නිසා රටේ යහපත ගැන සිතා විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කිරීම ඉතා වැදගත්. කෙසේනමුත් විදුලිය කප්පාදු කිරීමක් කරන්නේ නැතිව අඛණ්ඩව රටට විදුලිය ලබාදෙන්න තමන් උත්සාහ ගන්නවා. පසුගිය අවුරුදු පහ තුළ කිසිඳු විදුලි බලාගාරයක් හදන්න පසුගිය ආණ්ඩුව උත්සාහ කළේ නෑ. ඒ නිසා විදුලි අර්බුදයකට අප මේ වනවිට මුහුණ දී තිබෙනවා.
මේ ප්‍රශ්නයට ස්ථිර විසදුමක් වශයෙන් නව විදුලි බලාගාර කිහිපයක් ඉදිරි වසර තුළ ආරම්භ කරනවා. තව අවුරුදු 03ක් ගතවෙන කොට විදුලිබල මණ්ඩලය ලාභ ලබන ආයතනයක් බවට පත් කරන්න කටයුතු කරනවා.
මේ වසරේ පමණක් රුපියල් කෝටි 1200 ක අලාභයක් විදුලිබල මණ්ඩලයට දරන්නට සිදුවෙන බව ගණන් බලා තිබෙනවා. නමුත් අප සහන මිලකට විදුලිය ලබා දෙනවා. මේ වනවිටත් රුපියල් 70ට අඩුවෙන් විදුලිබිලක් හිමිවෙන අඩුආදායම්ලාභී පවුල් ලක්ෂ 13ක් මේ රට තුළ ඉන්නවා. ඔවුන්ට අප විදුලිය ලබාදෙන්නේ විදුලිබල මණ්ඩලයට විශාල පාඩුවක් ලබා ගනිමින්.‘‘ යැයි අමාත්‍යවරයා සඳහන් කළේය.


