
(ඡායාරූප - ප්‍රසංග පෙරේරා)
(ඉන්දිකා රාමනායක)
විදුලිජනක යන්ත්‍ර කොටස් බව සඳහන් කරමින්, නීතිවිරෝධීව ශ්‍රී ලංකාවට ආනයනය කර තිබු රුපියල් කෝටි 5කට අධික වටිනාකමින් යුතු මෝටර් රථ 12 ක් රේගු භාරයට ගත් බව අතිරේක රේගු අධ්‍යක්ෂක රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය.
බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරියකගේ නම ව්‍යාජ ලෙස භාවිතා කරමින්, මෙම මෝටර් රථ සිංගප්පූරුවේ සිට ඉකුත් දෙසැම්බර් මස 23 දින බහාලුම් තුනක් හරහා මෙරටට එවා තිබිණි.
රේගු අවදානම් ඒකකයට මේ සම්බන්ධයෙන් ලැබුණු තොරතුරු අනුව ඔවුන් මෙම බහාලුම් සිය බාරයට ගෙන පරීක්ෂණ ආරම්භ කර තිබු බවද රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.
එම කන්ටේනර් තුන අද (12) මාධ්‍ය ඉදිරියේ විවෘත කළ බවද රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේය.

