
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රෙදි මැසීමේ මෝටරයට සම්බන්ධ වයරයේ පේනුව කපා අනාරක්ෂිත අයුරින් විදුලි සම්බන්ධතාවයක් ලබා ගැනීමට උත්සාහ දැරූ 17 හැවිරිදි පාසල් සිසුවියක් විදුලි සැර වැදී මියගොස් ඇතැයි පිළියන්දල පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ පිළියන්දල තුම්බෝවිල, දූව වත්ත පාර , 5 වෙනි පටු මඟ පදිංචිව සිටි නුගේගොඩ මහමායා බාලිකා විද්‍යාලයේ අධ්‍යාපනය ලබන (2025 වසරේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි) නිශානි පියුමිකා වැන්රෝවන් සිසුවියයි.
මියගිය සිසුවියගේ පශ්චාත් මරණ පරීක්ෂණය කළුබෝවිල ශීක්ෂණ රෝහලේ දී සිදුකිරීමට නියමිතව තිබිණි
ගල්කිස්ස කොට්ඨාස භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න බ්‍රාහ්මණ ,සහකාර පොලිස් අධිකාරී වික්‍රමසිංහ මහත්වරුන්ගේ උපදෙස් මත පිළියන්දල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිනේෂ් අත්තරගම මහතමියගිය මෙහෙයවීමෙන් විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ජි ජි අබේවංශ පොලිස් කොස්තාපල් 94382 කුමාර මහත්වරුන් පරීක්ෂණ පවත්වයි


