(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
මහරගම වාහන සේවා ස්ථානයක සේවය කළ 17 හැවිරිදි තරුණයෙකුට විදුලි සැර වැදී අද (24) මියගොස් ඇතැයි මහරගම පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ අරලගංවිල කැකුළුවෙල පදිංචි සුජිත් අරුනංග නැමැති තරුණයෙකු බව පොලිසිය කියයි.
සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල එන තෙක් මෙම තරුණයා වාහන සේවා ස්ථානයේ සේවය කර ඇතැයි පොලිසිය කියයි.
වාහනයක් සේදීම සඳහා ජල පොම්පය අතට ගන්නවාත් සමඟම විදුලි සැර වැදී මෙම අනතුර සිදුවී තිබේ.
හෝමාගම මූලික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ මරණකරු මියගොස් සිටි බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.

