(සමන් පාලිත නානායක්කාර )
වන අලින්ගෙන් කුඹුර ආරක්ෂා කර ගැනීම සඳහා ඇඳ තිබූ විදුලි රැහැනක පැටලී අද( 16 ) අලුයම හල්දුම්මුල්ල මාලදොල ප්‍රදේශයේ කාන්තාවක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි හල්දුම්මුල්ල පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ මැදගෙදර මාලදොල හල්දුම්මුල්ල පදිංචිව සිටි රත්නායක මුදියන්සේලාගේ පොඩිමැණිකේ නමැති හැට හැවිරිදි දෙදරු මවකි.
සිය කුඹුර ආරක්ෂා කර ගැනීම සඳහා ඇඳ තිබූ විදුලි රැහැනක් අත්වැරදීමකින් ඇල්ලීමට ගොස් මෙම කාන්තාව විදුලිය වැදී එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වී ඇතැයි ද පොලීසිය කියයි.

