(යොහාන් භාසුර)
විදුලි ගාස්තු සංශෝධනය කිරීමට ලබන පෙබරවාරි මස මැද වන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා අද (23) පෙරවරුවේ පැවසීය.
විදුලි ගාස්තු සංශෝධනය කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගයක් ඇති බව කී මංජුල ප්‍රනාන්දු මහතා ඒ අනුව මහජන අදහස් විමසීම අද ආරම්භ කළ බව ද සඳහන් කළේය.
මහජන උපයෝගිතා කොමිසමේ සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා ප්‍රකාශය අනුව මෙරට විදුලි පාරිභෝගිකයන්ට ජනවාරි මස විදුලි බිලට සහනයක් බලාපොරොත්තු විය නොහැක.

