(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
ආහාර පිසීම සඳහා යොදාගත් විදුලි උදුනකින් විදුලිය කාන්දු වීමෙන් එය ඇල්ලූ මාස නවයක සිඟිත්තකු විදුලිසැර වැදී මිය ගොස් ඇතැයි දික්වැල්ල පොලිසිය පවසයි.
එසේ මරුමුවට පත්ව ඇත්තේ තරුෂ හිමාල් වීරසිංහ නමැති සිඟත්තෙකි.
මියගිය සිඟිත්තා ක්‍රියාත්මක වෙමින් තිබූ විදුලි උඳණට අත තබා හිට ගැනීමට යාමේදී මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය කියයි.
මෙම විදුලි උඳුණ ඉතා අඩුපාඩු සහිත එකක් බව ද පොලිසිය සඳහන් කරයි. උඳුන ප්‍රධාන විදුලි ධාරාවට සවි කිරීමේ දී කිසිදු ආරක්ෂක ක්‍රමයක් අනුගමන කර නැතැයි ද එහි ප්ලග් ටොප් එකක්වත් නැති ව වයර් දෙකේ ප්‍රධාන විදුලි ධාරාවට සවි කර ආහාර පිස ඇති බවට මූලික පරීක්ෂණවලින් අනාවරණය වූ බව ද පොලිසිය කියයි.
විදුලි සැර වැඳණු දරුවා බේරා ගැනීමට ගිය මවට ද විදුලි සැර වැදී ඇති අතර දරුවා සහ ඇගේ මව බතීගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව බරපතල තත්වයේ පසුවු දරුවා මාතර මහ රෝහල වෙත මාරු කර එවීමෙන් පසු මරුමුවට පත්ව ඇත.

