විද්‍යුත් විදුලි බිල්පත 1 වැනිදා සිට


(යොහාන් භාසුර)

කඩදාසි විදුලි බිල්පත වෙනුවට විද්‍යුත් බිල්පතක් හෙවත් ඊ බිල්පතක් නිකුත් කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර ලබන ජූලි මස 1 වැනිදා සිට ආරම්භ කරන බව විදුලිබල මණ්ඩලය පවසයි.

පළමු අදියර යටතේ දෙහිවල, කැලණිය සහ ශ්‍රී ජයවර්ධනපුර යන කොට්ඨාසවල පාරිභෝගිකයන්ට විදුලි බිල්පත ඩිජිටල් ආකෘතියෙන් හෝ ඊමේල් හරහා යොමු කරන බව ද එම මන්ඩලය වැඩි දුරටත් සඳහන් කරයි.