
(දිනේෂ් සමරකෝන්)
‘ජනාධිපති පරිසර සම්මාන -2025 ’ සම්මාන ප්රදානෝත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී උත්කර්ෂවත්ව අද පැවැත්විණි.
එහිදී රන් සම්මාන 17ක්, රිදී සම්මාන 29ක්, ලෝකඩ සම්මාන 38ක්, කුසලතා සම්මාන 47ක් සහ ජූරියේ විශේෂ සම්මානයක් සම්මාන ලාභීන්ට ලබා දීමට කටයුතු කළේය.
එම සම්මාන උළෙලේදී විජය පුවත්පත් සමාගමට ජනාධිපති පරිසර රන් සම්මානයක් ඇතුළුව සම්මාන 05ක් හිමි විය.
රන් සම්මානය ‘අද’ පුවත්පතට හිමි වූ අතර, ඩේලි මිරර් පුවත්පතට සම්මාන 02ක් සහ විජය පුවත්පතට සම්මාන 02ක් හිමිවිය.
මේ අතර, ඩේලි මිරර් පුවත්පතේ නියෝජ්‍ය කතෘ (වෙබ්) චතුරංග ප්‍රදීප් සමරවික්‍රම මහතාට කුසලතා සම්මානයක්ද , එම පුවත්පතේ විශේෂාංශ සහකාර කතෘ කමන්ති වික්‍රමසිංහ මහත්මියට රිදී සම්මානයක්ද හිමි විය.
මීට අමතරව විජය පුවත්පතට හිමි රිදී සම්මානය එම පුවත්පතේ ප්‍රධාන කතෘ දුමින්ද සංජීවි මහතා ලබා ගත් අතර, එම පුවත්පතේ ශිරෝන් ස්වර්ණසිරි මහත්මියට එහිදී ලෝකඩ සම්මානයක් හිමි විය.
(ඡායා ගයාන් අමරසේකර)










