වික්‍රමබාහුලා වර්ජනයක් හා කැරැල්ලක් සංවිධානය කරන්න සැරසෙති


  (නිමල කොඩිතුවක්කු)       

   
ව්‍යවස්ථාවට පටහැනි ලෙස අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඉවත් කර නව අග‍්‍රාමාත්‍යවරයකු පත් කිරිම සහ පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරිමට ජනාධිපතිවරයා ගත් තිරණයට දැඩි විරෝධය පළ කරමින් මහා වැඩ වර්ජනයක් සහිත කැරැල්ලක් සංවිධානය කරන බව නව සම සමාජ පක්ෂයේ නායක ආචාර්ය වික‍්‍රමබාහු කරුණාරත්න මහතා කොළඹදී පැවැසීය.


ජනාධිපතිවරයාගේ මේ ක‍්‍රියාව නිසා රට බරපතල කඩා වැටීමකට ලක්ව ඇති බවත් හැකි ඉක්මනින් පාර්ලිමේන්තුව කැඳවා රට තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කරන ලෙසත් ජනාධිපතිවරයාගෙන් ඉල්ලිමක් කරන බවත් ඔහු සදහන් කළේය.


දේශපාලන පක්ෂ නියෝජිතයන් පිරිසක්  රාජගිරිය පිහිටි සාධාරණ සමාජයක් සඳහා වු ජාතික ව්‍යාපාරයේ කාර්යාලයේ අද(31) පැවත්වූ මාධ්‍ය හමුවකදි ඔහු මේ බව පැවැසීය.


එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආචාර්ය වික‍්‍රමබාහු කරුණාරත්න මහතා මෙසේද කීවේය.


   ‘‘ව්‍යවස්ථාවට පිටුපාල සල්ලි බලයෙන් මැර බලයෙන් පාර්ලිමේන්තුව සැළකිල්ලට නොගෙනමින් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සහ මහින්ද රජපක්ෂ මහතා කටයුතුකරමින් සිටිනවා. මේක පැහැදිලිවම කුමණ්ත‍්‍රණයක් විදියට අපි සළකනවා. 


මෙතන නිති උපදේශක විදියට ඉන්නේ විජේදාස රාජපක්ෂ මහතායි. ඔහු ඉතාම කපටි බුද්ධිමතෙක්. ඔහු නීතීඥවරයෙකුට වඩා නීති බාස් කෙනෙක් විදියට හදුන්වන්න අපි කැමතියි. ඔහුගේ කාර්ය  භාරය වෙන්නේ නීතිය කොහොමද නමන්නේ කියන එකයි. 


16 වනදාට අයවැය ගේනවා කියලා ඔහු දැන් කියනවා. ඡන්ද බලය යටපත් කිරිම ගැන මේ අය ඡන්ද තියන්නේ නැහැ. අගමැතිවරු දෙන්නෙක් දැන් ඉන්නවා. පාර්ලිමේන්තුව විවෘත කරපු ගමන් මේ දෙන්නගෙන් අගමැති කවුද කියන එක විමසන එකයි කළ යුත්තේ.

(ඡායාරූපය -ඉෂාන් සංජීව )