
( රෝහණ චන්ද්‍රදාස)
අනුරාධපුර තලාව මිහිරිගම දී අද (25) අලුයම 4.50 ට ඩොල්පින් වෑන් රථයක් හා ලොරි රථයක් මුහුණට මුහුණ ගැටී සිව්දෙනකු මිය ගොස් ඇති බව තලාව පොලිසිය කියයි.
අනුරාධපුර - කුරුණෑගල පාදෙණිය මාර්ගයේ දී සිදු වී ඇති මෙම අනතුරින් තවත් දෙදෙනකු බරපතළ තුවාල ලබා ප්‍රතිකාර සඳහා අනුරාධපුරේ ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
මෙම අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය පැවැසීය.




