
(බී.ජී. චතුරංග සහ උපුල් හේරත්)
කලා වැවේ වාන් දොරටු දෙක අඩි 19 බැගින් විවෘත කිරීම හේතුවෙන් ඒ අසලින් දිවෙන කාපට් අතුරා මාර්ගයේ කොටස ෙ14වන කිලෝමීටර් කණුව අසලින් කැඩී ගොස් ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.
ප්‍රතිසංස්කරණය කෙරෙමින් තිබූ මිහින්තලය ඉලුප්පුකන්නිය වැව් බැම්මෙ කැඩියාම හේතුවෙන් ලක්ෂ ගණනක අලාභයක් සිදුව ඇති බව ගම්වාසීහු පිරිසක් පැවසූහ.
අධික වර්ෂාවත් සමඟ අවදානම් මට්ටමක පැවැති හොරොව්පොතාන මහ වැවේ වැව් බැම්ම කපා ජලය ඉවත් කිරීම සිදු කෙරිණි.
ඇද හැලෙන අධික වර්ෂාපතනයත් සමග මිහින්තලය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මහනොච්චිකුලම වැවෙහි වැව් බැම්ම දහවල් කැඩී ගොස් තිබේ.
ඒරුවැවේ සිට මහ කනදරාව ජලාශය දක්වා ජලය ගෙන එන මාර්ගයේ ඇති ප්‍රධානතම වැව මෙය වන අතර මෙම වැවෙහි ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් අධියරේ තිබුණි.
වැව් බැම්ම කැඩී යෑමත් සමග වැවෙහි පහත් ප්‍රදේශවල කුඹුරු රාශියක් සම්පූර්ණයෙන් ජලයෙන් යටවී ඇති බවද වාර්තා වේ.



